සුපුරුදු පරිදි අවුරුදු 05න් රට ගොඩගන්නවා.. අලුත් වැඩපිළිවෙළ 15 වැනිදා එළිදක්වනවා

රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන (15) වැනිදා රටට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ඉදිරි වසර 05කට රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇති බවත් ඊට ගැළපෙන තවත් යෝජනා එළඹෙන (15) වනදා කොළඹ පවත්වන පක්ෂයේ ජාතික සම්මේලනයදී ලබාගන්නා බවද සදහන් කරයි.

එළැඹෙන 2024 වසරේ මැතිවරණ රැසක් පැවැත්වෙන බැවින් ඊට අදාළව පොදුජන පෙරමුණ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ දෙවැනි ජාතික සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී එළඹෙන (15) වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *