ශිෂ්‍යත්ව විභාගයට ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත්

ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් භාරගැනීම අද (27) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව ජූනි මස 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාරගන්නා බව සඳහන්.

ජූනි 14 මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය අවසන් කරන බවත්, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය කිසිම හේතුවක් නිසා දීර්ඝ නොකරන බවත් කොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ පාසලක හෝ රජයේ අනුමත පාසලක පස්වන පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය හැකි අතර 2025 ජනවාරි 31 දිනට වයස අවුරුදු 11 ට අඩු අඩු ආදායම්ලාභී සිසුන් පමණක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබයි.

onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 හෝ 011-2 784537, 0112 786616, 0112 784208 යන දුරකථන අංකවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසන්ද්‍ර මහතා පැවසීය.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *