රාජ්‍ය අමාත්‍ය චාමර ගමන් කළ රථය ගිනි ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් කළ රථය අද අලුයම හදිසි ගිනිගැනීමකට ලක්ව ඇත.

බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව තිබේ.අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇත.

ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *