රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් ජනපතිවරයා වැටුප අත්හරී

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබේ.

රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ඔහු මෙම තීරණය ගත් බව පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම අත්‍යාවශ්‍ය බව සැලකූ ජනාධිපතිවරයා තම වැටුප අත්හැරීමට කැමැත්තක් දැක්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඊට සහාය පළකිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *