පොහොට්ටුවේ පලුවක් විපක්ෂයට.. සජිත් ජාතික ආණ්ඩුවකට.!

එළඹෙන  අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එ් අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

අනතුරුව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමග දෙමළ, මුස්ලිම් පක්ෂ කිහිපයක් එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇති බවද රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *