පොදුජන පෙරමුණ තීරණාත්මක සාකච්ඡා අරඹයි.!

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ පොදුජන පෙරමුණ පක්ෂයේ සාකච්ඡා 3ක් අද (20) පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පළමු සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පාළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සිමිති නියෝජිතයින් සමග පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණවලදී පක්ෂය තරග කළ යුතු ආකාරය, ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *