පාසල් මැරතන් තරගයක් අතරතුර පාසල් සිසුවෙක් මරුට

නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මැරතන් ධාවනය තරගයකට එක්වූ පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තිරුක්කොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

ක්‍රීඩා තරගය අතරතුරදී හදිසියේම අසනීප වූ සිසුවා ප්‍රතිකාර සඳහා තිරුක්කෝවිල් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

මේ අතර තිරුක්කෝවිල් රෝහලේදී  සිසුවාට නිසි පරිදි ප්‍රතිකාර සිදුනොකළ බව පවසමින් ප්‍රදේශවාසීන් රෝහල අසළ විරෝධතාවයක් දැක්වීම හේතුවෙන්  එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගෙන තිබුණි.

adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *