පාසල්වලට යළිත් කළ දැනුම්දීම

පවතින අධික උණුසුම් කාලගුණය මත පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබියදී අදත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ලැබුණි.

මෙම හේතුවෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යළිත් ලිපියක් යොමුකර තිබේ.

ඉන් අවධාරණය කර ඇත්තේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිස්ත්‍රික්ක කිහිපයකටම තවදුරටත් මෙම උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අවදානම් මට්ටමේ පවතින බවය.

ඒ අනුව අද (13) දිනයේදීත් කොළඹ දිස්ත්‍රික්කයට සෙල්සියස් අංශක 35කට ආසන්න උෂ්ණත්වයක් වාර්තා වුණි.

ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.9ක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ අතර බස්නාහිර,සබරගමුව,උතුරුමැද සහ දකුණ යන පළාත්වලත් වව්වනියාව,මන්නාරම සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද පැවතුණේ අවධානම් සහිත උෂ්ණාධික කාලගුණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *