තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැද්ද ? වහාම දැනුම් දෙන්න

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි  දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී  අවසන් ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම්  පාසලක් වෙතොත් ඒ පිළිබඳ පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මඟින්  වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටී.

පෙළ පොත් සඳහා  –   

*දුරකථන අංක – 0112784815/0112785306
*ෆැක්ස් – 0112784815
*විද්‍යුත් ලිපිනය – epddistribution2024@gmail.com

නිල ඇඳුම්  රෙදි  සඳහා –

*දුරකථන අංක – 0112785573
*ෆැක්ස් – 0112785573
*විද්‍යුත් ලිපිනය – schoolsupplymoe@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *