ජනපති රාජකීයේ සිසුන් හමු වී සුහද පිළිසඳරක

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී ඔහු සමඟ සිසුන් සුහද පිළිසඳරකට ද එක් විය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් පිළිබඳ ව එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන් දැනුවත් කලේය.

කොල්වින් ආර්. ද. සිල්වා සහ ජේ.ආර් ජයවර්ධන කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිසුන් බවට පත් ව සිටි බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව ද කියා සිටියහ.

රටේ ඉදිරි දේශපාලන නායකත්වය මෙම දරුවන් බැවින් සියලුදෙනා අධිෂ්ඨානශීලි ව නිසි පරිදි සිය අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය සුබාශිංසන ද පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *