චමරි වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් වෙන් කරයි.!

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කරයි.

සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක‍්‍රීඩිකාවක් ලෙස ක‍්‍රීඩා කරන චමරි අතපත්තු වෙනුවෙන් එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් වෙන්කර ‘Sydney Bay’ ලෙස නම් කිරීමට තීරණය කර ඇත.

මෙම පියවර චමරි අතපත්තුගේ ක්‍රිකට් දස්කම් වලට උපහාරයක් පමණක් නොව Thunder විසින් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන විවිධ ක්‍රිකට් සංස්කෘතිය සැමරීමක් ද වේ.

මේ වන විට තරඟ 09කදී ලකුණු 374 ක් රැස්කරමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමක් කර ඇති Sydney Thunder වෙනුවෙන් චමරි අතපත්තුගේ සුවිශේෂී දායකත්වය ඇගයීම මෙම මුලපිරීමේ අරමුණ බවද සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *