උඩුවිල විදුහලේ දරුවෙකුගෙන් නව නිපැයුමක් 

තිස්සමහාරාමය ගෝණගමුව උඩුවිල විද්‍යාලයේ ඉගෙනුම ලබන 14 හැවිරිදි එච්. කේ. එසර නිලුපුල් සිසුවා විසින් නව නිපැයුම් කිහිපයක් සිදු කර තිබේ.

එම නව නිපැයුම් අතර Bluetooth තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන JBL Bulb සහ සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන ජංගම දුරකථන බැටරි ආරෝපණ යන්ත්‍රයක් (Solar Power Mobile Phone Charger) ද වෙයි.

මෙම සිසුවා විසින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දක්වන උනන්දුව සහ දක්ෂතාව තවදුරටත් වැඩි දියුණු කරගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නවීන ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *