ගිනිකොනදිග ලෙබනනයේ නිවාස වාර්තාකරුවන් යැයි ප්‍රසිද්ධ ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස් ඇති බව සාක්ෂිකරුවන් බීබීසීයට පවසා තිබේ.
මීට මාසයකට පමණ පෙර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායල හමුදා ආරම්භ කළේය.
ඉන් මේ දක්වා ලෙබනනයේ 2500ක් පමණ මියගොස් ඇති බව සඳහන් ය.
මේ අතර අමෙරීකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසන්නේ මෙම ගැටුමට හැකි තරම් ඉක්මණින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බවයි.
ඔහු පැවසුවේ ඊශ්‍රායලය ලෙබනනයේ සිදුකරන යුද මෙහෙයුම් දිගු කාලයක් පවතිනවා දකින්නට අමෙරිකාව අකමැති බවයි.
මේ අතර, ඊශ්‍රායල ජාතිකයන් 7 දෙනෙකුට ඉරානය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා එල්ල කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන තිබේ.
ඔවුන් වසර දෙකක පමණ කාලයක් මෙලෙස ඊශ්‍රායලයේ සතුරු රාජ්‍යයක් ලෙස සැලකෙන ඉරානය වෙනුවෙන් ඔත්තු බැලීමේ කාර්යයේ නිරත වී ඇතැයි චෝදනා එල්ලවෙයි.
ඒ අනුව සතුරු රාජ්‍යයකට යුද ගැටුම් අතරතුරදී තොරතුරු ලබාදීම සහ උපකාර කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන් ය.
චෝදනාවට ලක්ව සිටින සියලු දෙනා හයිෆා නගරය ඇතුළු උතුරු ඊශ්‍රායලයේ වාසය කරන පිරිසකි.
ඒ අතර හමුදාවෙන් පළාගිය සෙබළෙකු මෙන්ම වයස අවුරුදු 16 සහ 17 ක් වන බාල වයස්කාරයන් දෙදෙනෙකු ද වෙයි.
No Comment! Be the first one.