April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

ඉවතලන කෙසෙල් කඳෙන් නව නිපැයුම් කරණ සබරගමු දරුවෝ

චොකලට් යන නම කියූ පමණින් ඔබට මට සිහිවනුයේ ස්විට්සර්ලන්තයෙන් එන රස වෑහෙන නානා මාදිලියෙන් ඇති කදිම චොකලට්ටුවකි.  ස්විස්ටර්ලන්තයේ හෝ මැලේසියාවේ චොකලට් එකකට තබන බර මීට  ඔබ එළෙසින්ම තබන්නේද යන්න නොදන්නාමුත් මෙසිරිලක උසස් අධ්‍යාපන ආයතනයක දැරියන් පිරිසක් විසින් කපා ඉවතලන කෙසෙල් ගස උපයෝගී කොට  චොකලට් නිම වූයේ යැයි කිව හොත් ඔබ පුදුමයට පත්වනු නම් නිසැකය. 

කෙසෙල් ගස භාවිතා කරමින් චොකලට්, යෝගට්, නූඩ්ල්ස්, පාන් ඇතුළු විවිධ කෑම රැසක්  නිපද වූයේ යැයි පැවසුවහොත් ඔබ තවත් පුදුම වනු නොඅනුමානය. මේ ඔවුන්ගේ කතාවයි. 

ඉවතලන කෙසෙල් ගසේ කොටස් වලින් නව නිපැයුම් රැසක්

සබරගමුව සරසවි දරුවන්ගේ වැඩක්

•             තන්තු බහුල චොකලට්ටුවක් නිපැයූ ලෝකයේ එකම රට
•             ගොවියාට අභියෝගයක් වූ ඉවතලන කෙසෙල් ගස  බැහැර කිරීමට විසඳුමක්.
•             ලෝකයේ මුල්වරට ඉවතළන කෙසෙල් ගසේ කොටස් වලින් පාන් නිපදවයි.
•             කෙසෙල් පළතුරහි  ඉවතළන 2/3 කොටස් වලට නව උපයෝගීතාවයක්
•             පොකුරු වදමලින් ස්වාභාවික ඖෂධීය පාන රැසක්
•             කෘතිම රසකාරක  වර්ණකාරක කිසිවක් නැහැ.
•             නිර්මාංශ අයට යෝගට් එකක්
•             කතුරුමුරුංගා පසු අස්වනු හානියට විකල්ප නිෂ්පාදනයක් ලෙස කතුරුමුරුංගා සුප්කැටයක් හා මිශ්‍රණයක්

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කුමාරතුංග මුනිදාස වියතාණන් විසින් මතුකළ යථාර්ථය පසක් කරමින් වසර දෙදහස් පන්සිය ගණනක් ඉක්මගියද මේ කුඩා මුතු ඇටයේ  ඉඳි කට්ටක් තරම්වත් නිපැයුම් කිරීමට උත්සාහ නොගන්නේ,  පවතින සම්පත් ඵල නෙලා නොගන්නේ නොහැකියාව මත නොවන බව  අපි අපෙන් ප්‍රශ්න කළ යුතු කාලය එළඹ ඇත. මුහුදින් වටවුණු  සුන්දර දිවයිනක උරුමක්කාරයින් වූ අපට ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය අවශ්‍යතාවය සපුරා ගැනීමට මූදට දත නියවා සිටින පිරිසක් වීම කොහේ කොතැන හෝ වරදක් සිදුව වී ඇති බව නම් පැහැදිලිය.

මිනිසාගේ පැවැත්ම උදෙසා ආහාර අත්‍යවශ්‍ය සාධකයකි. ඒ නිසාම ආහාරවල පවතින පෝෂණය ආහාර සුරක්ෂිතතාව මෙන්ම ආහාර සම්බන්ධයෙන් විවිධ පැතිකඩයන් ඔස්සේ විවිධ පර්යේෂණ කිරීම අධ්‍යයන කාර් යයෙහි නියැලීමට පර්යේෂකයෝ වෙහෙසෙති ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන අවශ්‍යතාවයක් සපුරමින් විවිධ පර්යේෂණයන්හි නියැළෙති. මෙතෙක් එම සොයාගැනීම් තම අවසන් පරීක්ෂණ ලකුණකට සීමා වී පොත් රාක්කයක තැන්පත්ව  තැබෙනවා වෙනුව දැනට විශ්ව විද්‍යාලයන්හි ආරම්භකර ඇති UBL ( University Business Linkage)    හරහා ව්‍යවසායකයින් වෙත ලබාදීමේ අවස්ථා ඇතිකරමින් තිබීම නව නිපැයුම්කරුවන්  පෙළඹවීමත් එය බලාපොරොත්තුවේ අරුනැල්ලක් වීමත් සතුටු දායකය. 

සබරගමුවට බහුලව පවතින පලතුරක් ලෙස කෙසෙල් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම කෙසෙල් ගෙඩි පලතුරක් ලෙස ලබාගන්නා අතර කෙසෙල් ගස ගොවියාට හිසරදයක්ව පවතින්නේ එය ඉවත් කර ගැණීමේ අභියෝගයයි.  මෙම අභියෝගයට විසඳුමක් ලෙසින් ගොවියාට සහනයක් ලබාදෙමින් කෙසෙල් ගස ආශ්‍රිතව අපූරු නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සමත් වී ඇත. කෘතිම රසකාරක වර්ණකාරක කිසිවක් නොමැති ආයුර්වේදීය වටිනාකමකින් යුක්ත වූ මෙම ආහාර නිෂ්පාදන පෙළ යථාර්තයක් කරන්නට සිය ගෝලබාලයන් මෙහෙයවූ  ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික අධ්‍යයන පීඨයේ ආහාර විද්‍යා අධ්යවන අංශයේ ජ්යෙ‍ෂ්ඨ කථිකාචාරය එන්. සී.නිරෝෂන් ජයසූරිය මහතා සමග කළ කතාබහ පාඨක ඔබ ඉදිරියට ගෙන එමි.

• මුලදි සජීවීව මාධ්‍ය අවස්ථාවක් ලබාගන්න දුෂ්කර කටයුත්තක් වුණා වගේම මෙම නිපැයුම් සිදුකළේ කාන්තාවන් 7 ක් වීම විශේෂයි.

“අපේ අධ්‍යයන අංශයේ විවිධ පර්යේෂණයන් ආහාර සම්බන්ධව සිදු කරනවා. මට ඕනෑ වුණා රූපවාහිනී ආයතනයක සජීවී වැඩසටහනකට සම්බන්ධ වෙලා මේ සඳහා ව්‍යවසායකයෙක් හොයාගන්න. පඹහින්න වගේ ප්‍රදේශයක ඉඳලා ව්‍යවසායකයෙක් හොයාගන්න අමාරුයි. විශේෂයෙන් මේ සඳහා සහභාගී වුන කණ්ඩායමේ කාන්තාවන් හත් දෙනෙක් තමයි ඉන්නේ. මෙය සුවිශේෂී අවස්ථාවක් මොකද මෙවැනි නිපැයුම් සඳහා බොහෝ සෙයින් සම්බන්ධ වෙන කණ්ඩායම් අතර පිරිමි පාර්ශවය ඉන්නවා.

ආහාර විද්‍යාව සම්බන්ධව අධ්‍යයනය කරන ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ සජීවී වැඩසටහනකට  අවස්ථාවක් ඉල්ලුවා මේ සඳහා ඔවුන් අපෙන් ඉල්ලුවා නිෂ්පාදන ඔවුන්ට ලබාදෙන්න. පර්යේෂණයන් තුළින් අපි සිදුකරන හා සිදුකළ ඒ නිෂ්පාදන නීත්‍යානුකූලව අපට එහෙම දීමට හැකියාවක් නැහැ. ඒ නිසා අප විසින් සිදුකළ වීඩියෝ පටයක් එම මාධ්‍ය ආයතනය වෙත ලබාදුන්නා. ඒ අනුව අප විසින් සිදුකල කළ පර්යේෂණයන් පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය වුණාට පස්සේ මේ සඳහා ලොකු වටිනාකමක් ලැබුණා.”

ආරම්භක පියවර  ලෙස 2016 , 2017   අධ්ය න වර්ෂයන්ට අදාළ සිසුන්  සම්බන්ධ වූ 2022 වර්ෂයේ නිෂ්පාදනයන් දෙකක් සිදුකර ඇති අතර එහි දිගුවක් ලෙස 2017 2018 අධ්යදයන වර්ෂයේ ශිෂ්‍ය සමාජිකයින් හත් දෙනෙකු විසින්  2023 වසරේ දී ලෙස සිදුකළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵල මෙලෙස අද එළි දක්වා ඇත.

• ගොවියාට අභියෝගයක් වූ ඉවතලන කෙසෙල් ගස  බැහැර කිරීමට විසඳුමක්

“ අපට උදව් කරන්න කවුරුත් හිටියේ නෑ. අපට වලවල් කපපු අය විතරයි හිටියේ. අපේ ව්‍යාපෘතිය වුනේ ඉවත ලන කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනීම. සබරගමු පළාතේ ප්‍රධාන කෘෂි බෝගයක් තමයි කෙසෙල් කියන්නේ. කෙසෙල් වල තුනෙන් එකක් තමයි පරිභෝජනයට ගන්නේ ඉතිරිය ඉවතලන දෑ. මේ ඉතිරි තුනෙන් දෙක අවම කිරීම අපට අවශ්‍ය වුණා. අනිත් එක ගොවියාට කෙසෙල් කඳ  විනාශ කිරීම කියන එක ගැටලුවක්. ක්ෂේත්‍රයේ තබා ගැනීමට අපහසුයි. කෙසෙල් කඳ ගුල්ලාගේ හානිය සහ ඊළඟ කන්නේ භෝගයක් දැමීමටත් අපහසුයි. මේවා පූළුස්සා දැමීමටත් අපහසුයි. ගොවියාට මේක විශාල ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මේ හොයා ගත්තු දේ ලෝකෙ කිසිම රටක කරපු දෙයක් නොවේ අපි මේ කරලා තියෙන්නේ.ලංකාවේ පළවෙනි පලමු වතාවට අපි තමයි මේ දේ කළේ. සර්ප වෙදකමට අළුකෙසෙල් භාවිතා කරන නිසා අලු කෙසෙල් අලය තමයි අපි මුලින්ම නිෂ්පාදන වලට යොදා ගත්තේ. නිෂ්පාදන සබරගමු පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවර ටිකිරි  කොබ්බෑකඩුව මහතාට ලබා දුන්නා. ඒවා ඔහුගේ ඇගයීමට පාත්‍ර වුණා

• සර්ප විෂට ගුණ අළුකෙසෙල් වලින් මුරුක්කු සහ අලුවා සහ කේක් නිපදවයි.

අභිෂේකා ජයතිස්ස, ඉමල්කා චන්ද්‍රසේන යන සිසුවියන් අළුකෙසෙල් උපයෝගී ක ට එම නිෂ්පාදන කිරීම.  ඉවතළන කෙසෙල් ගසේ යම් කොටසක  සියයට හතළිහක් යොදාගෙන කේක් නිෂ්පාදනය සිදු කිරීම අභිෂේකා විසින් සිදුකර ඇත. මීට අමතරව අලුවා සහ මුරුක්කු නිෂ්පාදනය ඉවත ලන අලු කෙසෙල් කොටස් යොදාගෙන යොදාගෙන සකස් කිරීමට පියවර ගෙන ඇත.මෙම නිෂ්පාදන ආණ්ඩුකාරවරයාට ලබාදී තිබුණ අතර ආණ්ඩුකාරවරයා අනෙකුත් කෙසෙල් යොදාගෙන වෙනත් නිෂ්පාදන සිදුකරන ලෙස සිදු කරන ලෙස දන්වා ඇත.

නිරෝෂන් ජයසූරිය මහතා

“මෙම අලුවා අනුභවයෙන් තුළින් කුස පිරීම සිදු වෙනවා. කුසගිනි ගැනීමට ගතවන කාලය අඩු වෙනවා. උදේ දහයට මෙම අලුව කෑල්ලක් අනුභව කළ මට රාත්‍රී ආහාර ගන්න බැරි වුණා. කුස පිරී දැන් කෑම ඇති යන තත්ත්වයට පත් වුණා. 

නිර්මාංශ අය යෝගට් කන්න කැමති නැහැ.  ජෙලටීන් වලට ගන්නේ සත්තුන්ගේ ඇටමිදුළුවලින් ගන්නා ද්‍රව්‍ය… එනිසා අපි බැලුවා කොලජන් වලට ආදේශකයක් හොයන්න අපි උත්සාහ කළා. ඒ උත්සාහය සාර්ථක වුණා ඉවත දමන කෙසෙල් කොටස් වලින් අපි යෝගට් වර් ග හතරම හැදුවා. (set yogurt, drinking yoghurt, Stirred yogurt, Frozen yogurt  )  අපි තමයි ලෝකෙ මුල් වතාවට කෙසෙල් සම්බන්ධ කරන මේ යෝගට් වර් ග හතරම හැදුවේ.මේ යෝගට් නිෂ්පාදනය ඉමල්කා චන්ද්‍රසේන තමයි හැදුවේ.

• ලෝකයේ මුල්වරට ඉවතළන කෙසෙල් ගසේ කොටස් වලින් පාන් නිපදවයි

2023 වර්ෂයේ ඉහත කී නිෂ්පාදනයනහි දිගුවක් ලෙසින් තවත් පැතිකඩක් කරා යොමුවන්නට ආචාර්යවරයා සිය අධීක්ෂණය යටතේ සිසුන් මෙහෙයවා ඇත. ඒ අනුව ඔවුන් මෙවර ඉවත ලන  ඇඹුල් කෙසෙල් සහ ඇම්බුන් කෙසෙල් කඳ යොදාගනිමින් පාන් නිෂ්පාදනය සිදු කර ඇත.

“ලෝකයෙ මුල් වතාවට කෙසෙල් වල ඉතුරු වන ද්‍රව්‍ය යොදාගෙන පාන් හැදුවේ අපි. පාන් සඳහා යොදා ගන්නා තිරිඟුපිටි ප්‍රමාණය අඩුකර  කෙසෙල් මිශ්‍රණයක් සමඟ පාන් නිෂ්පාදනය සිදු කළා. එහිදී මෙම පාන් වල ප්‍රසන්න හා ලස්සන පාටක් ඇති වුණා. සමහර අය මේ නිෂ්පාදනය දැකලා හිතුවේ පරළු පාන් කියලා.  නිෂ්පාදන වියදම මෙහිදී අවම කරගෙන කර ගෙන ඒමට හැකි වුණා වුණ අතර සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත පෝෂණයෙන් හෙබි පාන් පාන් එකක් නිෂ්පාදනය කිරීමට හැකි වුණා . සාමාන්‍යයෙන් පරළු පාන් ගෙඩියක මිල වෙළඳපොලේ රුපියල් හය සියයක්    පමණ වුනත් රුපියල් 100ත් 120ත් අතර මිලකට  මෙම පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට හැකි වුණා. සාමාන්‍ය පාන් ගෙඩියක තන්තු ප්‍රමාණය ගොඩක් අඩු නමුත් අපි නිෂ්පාදනය කළ පාන් ගෙඩියේ තන්තු ප්‍රමාණය බොහොම වැඩියි. මේ තන්තු ප්‍රමාණය වැඩි නිසා ම ගොඩ ප්‍රමාණයක් අනුභව කිරීමට අපහසුයි. වැඩිපුර කන කෙනෙකුට පවා පාන් බාගයක් වත් අනුභව කළ නොහැකියි. මෙය සෞඛ්‍යමත් ආහාරයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් තන්තු ප්‍රමාණය බොහොම වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ආහාර අවශෝෂණය කරන්නේ නැහැ. කොටස් වැඩි ප්‍රමාණයක් ඉතුරු වෙනවා  දියවැඩියා රෝගීන්ට මලබද්ධය ඇති රෝගීන් පවා මෙය අනුභව කළ හැකියි. ප්‍රනීත රසයක් මෙන්ම පැහැයක් තියෙනවා. දිල්ශානි වික්‍රමගේ මේ පාන් නිෂ්පාදනය සිදු කළේ.  දියවැඩියාව ඇති අයට රෝහල්වලට මේ හොඳ නිෂ්පාදනයක් වේවි.”

• ආව්‍යාගෙන් හමුදා ගුවන් නාවික මෙහෙයුම් බළකායන්ට විශේෂවූ පහසුවෙන් ඇල්දියෙන් සකසා ගත හැකි ක්ෂණික නූඩ්ල්ස් ආහාරයක්

මෙම පර්යේෂණ කණ්ඩායමේ තවත් සිසුවියක් වන ආව්‍යා ධනසේකර සිසුවිය විසින් නූඩ්ල්ස් නිෂ්පාදනයක් සිදු කර ඇත. ක්ෂණීක ආහාරයක්  වුවත් මෙහි විශේෂත්වය අනිත් ක්ෂණික නූඩ්ල්ස් මෙන් උණු වතුර යොදා සකස් කිරීම අවශ්‍ය නොවීමයි. ඇල්දියෙන් සකසා ගත හැකි නූඩ්ල්ස් විශේෂය සහ පාන් නිෂ්පාදනය  ඉලක්ක ගත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද යුද හමුදා, ගුවන්, නාවික, දිගු දිගුදුර විහිදුම් බලකා වලට සහ කැලෑ ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම්වල යෙදී සිටින පිරිස් වෙත මෙම ආහාර නිෂ්පාදන දෙකම ඉලක්කගතව ඇත.   නූඩ්ල්ස් විශේෂය සැකසීමට කිරීම වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය නොවීම මෙන්ම පාන් ආහාරයක් ලෙස ගැනීමේදී වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට අවශ්‍ය නොවීම රැගෙන යන බෑගයේ බර අඩු කිරීම යන කාරණා මෙහිදී  සැළකිල්ලට ගැනීම එම පිරිසට වැදගත් වේ.  මළ වශයෙන් පිටවන ප්‍රමාණය අවම වන අතර ආහාර දැඩි අවශ්‍යතාවයක් නොපවතී. එමෙන්ම තන්තුවල පවතින ජල ප්‍රමාණය වැඩිවීම නිසා ජල පිපාසය අවම වේ. නූඩ්ල්ස් විශේෂය සකස් කරගැනීම ද මෙම පිරිසට පහසුවෙන් සිදුකල හැකිය. මෙකී තත්ත්වයන් ද ඉහත කී පිරිස ට පහසුවක් ඇති කරයි.

• තන්තු බහුල චොකලට්ටුවක් නිපැයූ ලෝකයේ එකම රට

බලංගොඩ ප්‍රදේශයට විශේෂ වූ කෙසෙල් නිෂ්පාදනයන් අතර බිම් කෙසෙල් වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි වෙළඳපොළෙහි රුපියල් 75 ක් සීයත් අතර අලෙවි වන මෙම බිම් කෙසෙල් උපයෝගී කරගනිමින් තවත් සුවිශේෂී නිෂ්පාදනයක් සිදු කිරීමට කුෂානි ද අල්විස් සමත්ව ඇත.

බිං කෙසෙල් වල සුවිශේෂී ලක්ෂණයක් වනුයේ කෙසෙල් ගෙඩි ඉදීමෙන් පසු දවස් දෙකක් වැනි කාලයකදී  ඉදීවැටීමයි.මෙම තත්ත්වයට එකතුකල අගයක් ලබා දෙමින් නව නිෂ්පාදනයක් ලෙස ලෝකයේ කොහේවත් නොකල තන්තු බහුල  ලෝකයේ ඇති එකම චොකලට් නිෂ්පාදනය සිදුකිරීමට  හැකිවූ බව නිරෝෂණ් ජයසූරිය මහතා පවසයි.

“ fiber rich චොක්ලට් එකක් ලෝකෙ කොහේවත් නැහැ. ප්‍රථම වතාවට නිෂ්පාදනය සිදු කරලා තියෙන්නේ අපි. මැලේසියාවේ හෝ ස්විස්ටර්ලන්තයේ හෝ මෙවැනි චොකලට් නිෂ්පාදනයක් සිදු කර නැහැ.  මෙම චොක්ලට් එක ඇසුරුම ද ආහාරයට ගත හැකි පරිදි නිෂ්පාදනය සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් චොකලට් දවටනය ප්ලාස්ටික් කවරයක ආවත් පරිසර හිතකාමී ලෙස මෙම නිෂ්පාදනය මෙලෙසින් ඉදිරිපත් කිරීම සුවිශේෂී වෙනවා. අනෙක් චොක්ලට් වර් ගයන් ට සාපේක්ෂව මෙහි අඩංගු මේදය ලුණු සීනි හිතකර හා සෞඛ්‍ය සම්පන්න අයුරින් පැවතීමයි.   ,,

බාල මහලු ඕනෑම අයකුට අනුභව කළ හැකි අයුරින් මේ සකසා   අතර  බිස්කට් නිෂ්පාදනයක් ද මේ සමග සිදු කර ඇත.

• දේශීය ළූණු ගොවියාගේ අස්වනු හානියට විකල්පයක්

“සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් තිබුණා සබරගමු පළාතේ ගොවීන්ගේ ළූණු නිශ්පාදන ඉක්මනින් විනාශ වීම පිළිබඳව. හැකිනම් මෙම නිෂ්පාදන වල ජීව කාලය වැඩි කර ගැනීම සදහා සහාය වන ලෙස.  ළූණු කොළ කහවී ඉක්මණින් විනාශ වෙනවා. මේ සඳහා ළූණු කොල උපයෝගී කරගෙන පිටි වර්ගයක් සැකසුවා. එය වායු කෘත පැකැට්ටුවක ඇසුරුම් කරනු ලබනවා.  මෙම නිෂ්පාදනය ඕනෑම ආහාරයක් සමග භාවිත කරන්න පුළුවන් එකක්. නාසිගුරානි, බුරියානි මෙන්ම තමන් කැමති ආහාරයකට එක්කර ගත හැකියි.  පාරිභෝගිකයාට පසුකරවන නිශ්පාදනයක් ලෙස මෙය ඉදිරිපත් කර තියනවා.ඒ වගේම තව නිෂ්පාදනයක් ලෙස රසම් එකක් හැදුවා එයට දායක වෙන්නේ උපේක්ෂා ඒකනායක .

තවත් නිෂ්පාදනයක් ලෙස කතුරුමුරුංගා කොළ උපයෝගී කරගනිමින් සුප් කැටයක් නිර්මාණය කර ඇත. සාමාන්ය යෙන් වෙළඳපොලේ කතුරුමුරුංගා දිනක් ගතවන්නට මත්තෙන් වියලීම සිදු වන අතර බොහෝ වෙළඳුන් සවස් භාගයේ මෙම නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වී පොළ භූමිය තුළම දමා යනු දැකිය හැකිය. මෙයට විසඳුමක් සෙවීමට උත්සාහ කළ විශ්ව විද්‍යාලයේ දැරියක් විසින් කතුරුමුරුංගා කොළ උපයෝගී කරගනිමින් මෙම සුප් කැටයක් නිශ්පාදනය කොට ඇත.  නාස්ති අවම කරමින් ගොවියාට හොඳ මිලක් ලබාදීමට  සිදුකළ මෙම නිෂ්පාදනය සුප් කැටයක් මෙන් ම වෙනත් ආහාරයක් හා මිශ්‍රකර ගැනීමට ද හැකියාව පවතී. මෙම නිෂ්පාදනය සිතාරා හේරත් විසින් සිදුකර ඇත.

• පොකුරු වදමලින් ස්වාභාවික පාන රැසක්

පොකුරු වද වදමල් කුඩා කාලයේ දරුවන් නෑවීමට ගන්නා අතර ආයුර් වේද ද ඖෂධයක් ලෙසින් භාවිතා කෙරේ.

“වෙළඳපොලේ පවතින වර් ණවත් රසකාරක අඩංගු  යම්කිසි බීම වර්ග දෙකක් පානයට මගේ දුව කැමැත්තෙන් හිටියා. මෙම පුරුද්ද ඉවත් කර ගැනීමට මට  අවශ්යමව තිබුණා. එම බීම වර්ගය තිබූ බෝතලයට වතුර පුරවා මාස හයක පමණ තැබීමට ඇයට පැවරුවා. ජලය පිරවූ බෝතලය මාස හතර පහකට පසු බැලීමේදීත් එම පැහැය ඉවත් ව තිබුණත් එම රසය රැඳීතිබුණා. ඒ අනුව කෘතිම රසකාරක අපේ ශරීරයට කෙතරම් අහිතකර ලෙස බලපාන්නේ ද යන්න ඇය වෙත ඔප්පු කිරීමට මට අවශ්‍ය වුණා. ඒ අනුව එම කෘතිම වර්ණ හා රසකාරක වෙනුවට පොකුරු වද මල් සාරය උපයෝගී කරගෙන ඖෂධීය පානයක් සකස් කිරීමට උත්සාහ කළා. වදමල් වල පවතින සෙවල සහිත සාරය අම්ල පිත්ත ප්‍රදානයට ගුණ ඖෂධයක් ලෙස භාවිතා කරනවා. ගලනාලය පිරිසුදු කිරීමේ හැකියාව මෙහි පවතිනවා. මළබද්ධයට ප්‍රතිකාරයක් ලෙස සහ සහ වර්ණකාරක නොමැති වීමෙන් විශේෂයක් උදර ආබාධ වලට ඖෂධයක්

සසංකා විමලසූරිය සිදු කළ   පරීක්ෂණය ක ඵල ලෙස දෙහි, සිදරං , ලෙමන් යොදා යකිනාරං ඉඟුරු මිශ්රලණයක්  වර්ග හතක ආයුර් වේද වට්ටෝරුවක් උපයෝගී ගනිමින් සෙම්ප්‍රතිශ්‍යාවට, උණට ගුණැති ලොකු කුඩා කාටත් ඕනෑම වෙලාවක  පානය කළ  හැකි කුඩා දරුවෙකුට වුව පානය කළ හැකි ඖෂධීය පානයක් ලෙස භාවිතා කළ හැකි තේ ආදේශකයක් ලෙස ඖෂධීය බෑගයක්   නිමවා ඇත. “ගොඩක් වෙලාවට අපි තේ කෝප්පයක් වෙනුවට මෙවැනි ඖෂධීය  පානයක් පිළිගැන්විය හැකියි. බොහෝ වෙලාවට අපේ තේ කියලා පානය කරන්නේ ඉතාම අපිරිසුදු අහක දාන කොටසක් තමයි අපි තේ කියලා බොන්නේ.

මේ හැමදේම කරලා තියෙන්නෙ දේශීය සම්පත් උපරිම පරිභෝජනය කරා ගෙනියන්න කොහොමද කියන එකයි. තමන්ගෙ වත්තෙන් තමන්ට අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරගන්න තමයි මේ නිෂ්පාදනය කරලා කරල තියෙන්නේ. යකිනාරං සමග වෙනත් ඖෂධ හට හතක් අටක් එක්ක සැකසූ ඖෂධීය පානයක් ලංකාවේ වෙනත් කොහෙවත් සිදු කරලා නෑ.

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයට මෙහි ගෞරවය හිමිවිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා ව්‍යවසායකයෙක් ඉදිරිපත් වෙයි කියලා. මේ නිෂ්පාදන සියල්ල සඳහාම සුපරීක්ෂක හා අධීක්ෂකවරයා ලෙස කටයුතු කළේ මම.

ඇත්තටම අපිට මේ සඳහා උදව් කළේ ගොවියා විතරයි.  බලංගොඩ රත්නපුර ඇඹිලිපිටිය පැල්මඩුල්ල වැලිගෙපොල ඕපනායක ප්‍රෙද්ශවල ගොවියන්ගේ  ප්‍රශ්නවලට විසඳුම් ගෙන ඒම තමයි අපි උත්සාහ කළේ…

සබරගමු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව අපි උදව් ඉල්ලුවා මේ දක්වා ඒ අයගෙන් අපිට කිසිම උදව්වක් ලැබුණේ නෑ.

ආහාර විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ඩබ්.එස්.එම් සෙනෙවිරත්න මයා, නව අංශාධිපති ආචාර්ය ටී. සී. කනංකේ මහත්මිය, අධ්‍යයනාංශයේ සියලුම ආචාර්යවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, පීඨාධිපති ආචාර්ය උදය කුමාර මහතා උපකුලපතිතුමා ‍ඇතුළු ප්‍රදේශවාසී ගොවි ජනතාවටද කෘතවේදීත්වය හිමිවිය යුතුය.”

මෙවන් පර්යේෂණයන්ගෙන් එළිදකින නව නිපැයුම් වෙළඳපොළ යථාර්තයක් කිරීමට දෙස්විදෙස් ව්‍යවසායකයින්ගේ, ආයෝජකයින්ගේ ආකර්ෂණය යොමුවීම මෙන්ම රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබිය යුතුය.

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video