කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ අද (09) පරාජයට පත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 172ක් රැස් කළාය.
එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ මෙවර කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.
ඒ් අනුව ඉන්දියාවට ලකුණු 82ක ජයක් හිමිවිය.
The short URL of the present article is: https://radioeka.lk/5xy5
No Comment! Be the first one.