WhatsApp සටහනක් නිසා 22 හැවිරිදි සිසුවෙකුට මරණ දණ්ඩනය නියම වෙයි

මුහම්මද් නබිතුමාට සහ ඔහුගේ භාර්යාවන්ට අවමන් සහගත වදන් ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ වට්ස්ඇප් හරහා හුවමාරු කළ බවට වාර්තා වූ 22 හැවිරිදි සිසුවෙකුට පකිස්ථානයේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. එම නඩුවේම කොටසක් ලෙස 17 හැවිරිදි තරුණයෙකුට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. බීබීසී වාර්තාවකට අනුව, Whatsapp පණිවිඩ සම්බන්ධයෙන් අපහාස කිරීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනාට දඬුවම් පමුණුවා ඇති අතර, පන්ජාබ් පළාතේ අධිකරණය ප්‍රකාශ කළේ, මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම් කෝපයට පත් කිරීමේ අරමුණින් මෙම අපහාසාත්මක පින්තූර සහ වීඩියෝ බෙදාගෙන ඇති බවයි.

මෙම නඩුවේ පැමිණිල්ල 2022 දී පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ (FIA) ලාහෝර් හි සයිබර් අපරාධ ඒකකය විසින් ගොනු කර ඇති බව වාර්තාවේ සඳහන් වේ. විවිධ ජංගම දුරකථන අංක තුනකින් වීඩියෝ සහ ඡායාරූප තමාට ලැබුණු බව පැමිණිලිකරු කියා සිටියේය. මෙම නඩුව Gujranwala නගරයේ ප්රාදේශීය අධිකරණය වෙත යොමු කරන ලදී.

එෆ්අයිඒ සඳහන් කළේ පැමිණිලිකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසු ඔහුට “අසභ්‍ය ද්‍රව්‍ය” එවා ඇති බව තහවුරු වූ බවයි. බාල විත්තිකරුට මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබා දුන්නේ ඔහු බාලවයස්කරුවෙකු වන නිසා බව අධිකරණය මේ සතියේ ප්‍රකාශ කළේය. මේ අතර, විත්තියේ නීතිඥයින් තර්ක කළේ සිසුන් දෙදෙනා “බොරු නඩුවකට කොටු කර ඇති” බවයි. මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයාගේ පියා ලාහෝර් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *