ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (24) පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.
“අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි අදාළ ප්රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුුරු කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළා, ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියනවා.”
එසේම බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළ බවත් සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
The short URL of the present article is: https://radioeka.lk/b0u9
No Comment! Be the first one.