ඉකුත් මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූ වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය.
ඔහු විසින් 2021 වසරේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළ නඩුවක් අද කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
පසුගිය 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක අසුනේ වාඩිවී ඉන් ඉවත්වීමට ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමත් හේතුවෙන් ඔහු ගැන වැඩි අවධානයක් ජනතාව අතර යොමුවිය.
එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) ආරම්භ වූ වැඩසටහනක් අතරතුරදී ඔහු සිය කනගාටුව ප්‍රකාශ කළේය.
divaina
The short URL of the present article is: https://radioeka.lk/x4ap
No Comment! Be the first one.