2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අද උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
“2024 මහ මැතිවරණය සඳහා අදාළ වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු මේ දිනවල තැපැල් කාර්යාල පද්ධතිය හරහා සිදුවෙනවා. ඒ අනුව අද දිනයේ විශේෂ බෙදීම් දිනයක් ලෙස නම්කරලා තියෙනවා. උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පමණක් බෙදාහැරීම සඳහා ලිපි බෙදීම් කාර්යාල 2,090ක සහයෝගීත්වයෙන් ලිපි බෙදීම් කාර්යමණ්ඩලය 8,000 යොදවලා තියෙනවා. ඊට අමතරව නොවැම්බර් මාසේ 07 වනදා දක්වාම නිවසින් නිවසට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුවෙනවා තැපැල් දෙපාර්තමේන්තුව මගින්. කිසියම් කෙනෙකුට 07 වනදායින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබිලා නැතිනම් තමන්ට ලිපිබෙදන කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අදාළ තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගැනීමේ හැකියාව තියෙනවා රාජකාරි වේලාව තුළදී.”
No Comment! Be the first one.