දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අති විශාල ප්‍රමාණයක් වු පරණ යකඩ දේශීය කර්මාන්ත සඳහා ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පසුගිය ඔක්තෝබර් 21 වැනි දා කැබිනට් රැස්වීමේදී අනුමත වූ යෝජනාවක් අනුව මෙම තීරණය කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත දේශීය කර්මාන්ත කරුවන්ගෙන් මිල ගණන් කැඳවා අමාත්‍යංශ ලේකම්වරයාගේ ද උපදෙස් පරිදි එය සිදු කිරීමට කටයුතු සිදු කිරීමට නියමිත බව දුම්රිය සමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ මහතා පැවසීය.
නවෝද්‍යා පවනි
The short URL of the present article is: https://radioeka.lk/uw6i
No Comment! Be the first one.