සෝමාලියාවේ අයහපත් කාලගුණයෙන් – ජීවිත රැසක් අහිමිවෙයි

සෝමාලියාවට බලපෑ අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 100කට ආසන්න වී තිබේ.

එම අයහපත් කාලගුණ තත්ත්වය අසල්වැසි කෙන්යාවට ද බලපා තිබූ අතර ඉන් එරට සිදුවූ මරණ ගණන 76ක් බව වාර්තා වේ.

නැගෙනහිර අප්‍රිකානු රටවලට මේ දිනවල ධාරාණිපාත වැසි තත්ත්වයක් බලපා තිබේ.

එහි වැඩිම බලපෑමට ලක්වූ සෝමාලියාවෙන් ජලගැලීම් ආපදා රැසක්ද වාර්තා වුණි.

ජලගැලීම්වලින් එරට සිදුවූ මරණ ගණන 96 දක්වා ඉහළ ගොස් තිබේ.

ජල ගැලීම් මරණ සම්බන්ධ පුවත අනාවරණ කළේ එරට රජයේ නාලිකාව වන සොන්නා පුවත් සේවය විසිනි.

එය එරට ආපදා කළමනාකරණ ආයතනය මඟින් ලබාදුන් දත්ත බවද ඔවුන් තහවුරු කළේය.

එක්සත් ජාතීන්ට අනුව ජලගැලීම්වලින් අවතැන් වූ සෝමාලියානුවන් ගණන ලක්ෂ 7 ඉක්මවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *