සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට පියවර

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල විද්‍යුත් තැපැල් ලිපිනය (Email) රජයේ නිල අන්තර්ජාල පද්ධතිය (Gov.lk) හරහා ලබා නොගැනීම නිසා තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සම්බන්ධ ගැටලු උද්ගතව තිබෙන බැවින් එම පද්ධතිය හරහා විද්‍යුත් තැපෑල ලබා ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන 840කට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් සදහන් කරයි.

රාජ්‍ය ආයතනවල විවිධ මෘදුකාංග පද්ධති පැවැතියත් ඇතැම් පද්ධති ක්‍රියාත්මක නොවන බවත් මේ සියල්ල පිළිබඳව සංගණනයක් සිදු කිරීමට නියමිත බවත් එම මෘදුකාංග පද්ධති පවත්වාගෙන යෑමට අදාල උපදේශන සේවා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ලබාගතයුතු බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් චක්‍රලේඛනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවද සදහන් කරයි.

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සදහන් කරයි.

unusuma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *