සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් විශාල පාඩුවක්

පසුගියදා ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.

පසුගියදා (05) ලොව පුරා ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය විය..

ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුකම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද පැවැසෙයි. ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් බිඳ වැටීම සිදුවූයේ තාක්ෂණික දෝෂයක් නිසාය. පැය කීපයක් යද්දී දෝෂය නිවැරදි කිරීමට ‘මෙටා’ සමාගමේ තක්ෂණික අංශය කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *