May 22, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

සඟවා තිබූ විනාශකාරී අවියක් සොයා ගැනේ.. අපරාධමය ක්‍රියාවලියක සැලසුමක්දැයි සැකයක්.!

මෙලෙස පෙරියතට්ටමුරු ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙන්නේ මිලිමීට 81 වර්ගයේ මෝටාර් අවියකි, වගා කටයුතුවල නියැලී සිටි පිරිසක් විසින් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අවිය සොයාගෙන ඇති බවට වාර්තා වේ.

ලබාදුන් තොරතුරට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර මෝටාර් අවිය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙය කොටි ත්‍රස්තවාදී සමයේ සඟවා තැබූ අවියක්ද නැතිනම් වෙනත් අපරාධමය කටයුත්තක් වෙනුවෙන් සඟවා තිබූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

unusuma

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video