වෙළඳපොලේ වම්බටු ගෙදර ගෙනියන්නේ බලාගෙනයි

වෙළෙඳ පොළේ අළෙවි කිරීමට තිබෙන වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින  බවට විශේෂ පරීක්ෂණයකින් හෙළි වී ඇති බව ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පියුම්ද ඒ.අබේසුන්දර මහතා විසින් තාක්ෂණ අධ්‍යයනය විසින් කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී ඇති බව පෙරේදා (12දා) ඔහු සමග කරන ලද විමසීමකදී සඳහන් කරන ලදී. වෙළෙඳ පොළෙන් ලබා ගත් නැවුම් වම්බටු සාම්පල්වල 28%ක මිනිසාට අහිතකර  කෘමිනාශක අවශේෂව තිබෙන බව කථිකාචාර්ය පියුම් ද ඒ. අබේසුන්දර මහතා පවසන ලදී.

ඔහු පරිසර යුක්ති කේන්ද්‍රයට සඳහන් කර ඇත්තේ, එළවළු සහ පලතුරු සිසිල් ජලයෙන් සෝදනවා වෙනුවට ඊට විනාකිරි හෝ ලුණු එකතු කර සේදීමෙන් මෙම පලිබෝධනාශක ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි.මෙහිදී ආචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ, එළවළු සහ පලතුරුවල පිටතින් ඇති පොත්ත ඉවත් කිරීම මගින් පහසුවෙන්ම විෂ රසායනිකයන් ආහාර මතින් ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි.

චන්දන සමරවික්‍රම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *