විදුලි ගාස්තු යළිත් ඉහළට.!

ජනවාරි මාසයේ සිට නැවත වතාවක් විදුලි ගාස්තුව ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් සදහන් කරයි.

ජනවාරි මාසයේ සිට වැට් බද්ද සියයට 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවද ලේකම් රන්ජන් ජයලාල් සදහන් කරයි.

ලංකාවේ මේ වන විට විදුලි උත්පාදනය සඳහා ඩීසල් පිරිවැය රුපියලක් හෝ වැය නොවන බවත් එහි වාසිය රටේ ජනතාවට මෙතෙක් ලබාදී නැති බවද ලේකම් රන්ජන් ජයලාල් සදහන් කරයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීම සදහා ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *