ලොව සුපතල සූපවේදි ගැරී මිහිගන් ලංකාවට

ලෝකයේ දක්ෂතම සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන (Master Chef Australia) හි විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇති ලෝක ප්‍රකට සූපවේදී, ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණවල නියැලෙමින් තම අත්දැකීම් සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා ඇති කර්තෘ ගැරී මිහිගන් ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා පැමිණ ඇත.

එළඹෙන (30) වනදා සහ දෙසැම්බර් (02) දින ශ්‍රී ලාංකික සූපවේදීන් රාශියක් සමග එක්ව කොළඹ සිනමන් ග්‍රෑන් හෝටලයේදී ගැරී මිහිගන් ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් ජනතාවට දැක බලා ගැනීම සදහා පිළියෙල කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *