ලංකාවේ සංචාරක කර්මාන්තයට කනකොකා හඬයි

ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබදවත් එහිදි ලැබු ආර්ථික ප‍්‍රතිලාභත් පිළිබදව අවධානය යොමු කිරිෙමිදි ලංකාව සංචාරකයින්ගේ නෙත් ඇද බැද තබා ගැනිමට සමත් සුන්දර දිවයිනක් බව එදා මෙදා තුර ලියවුණු වාර්ථාවන්ට අනුව පෙනි යයි.

ලෝක ආර්ථිකය කෙරෙහි සෘජු බලපෑමක් සංවාරක කර්මාන්තය මඟින් සිදුවන බව නොරහසකි.පසුගිය මහබැංකු වාර්තා සලකා බැලීමේදී කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩිම ආදායක් මාර්ගය ලෙස සංචාරක කර්මාන්තය බව සනාත කර ඇත.මෑත කාලයේ සිට ශ්‍රී ලංකාව තුළට ඇදී එන සංචාරකයින්ගේ ප්‍රමාණය බොහෝ සේ වර්ධනය වී ඇති බව රහසක් නොවේ. මෙනිසා එය රටේ ආර්ථිකයට සෘජුව මෙන්ම වක්‍රවද බලපායි.

මෙසේ බොහෝ සංචාරකයින්ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ෙඓතිහාසික ස්ථාන නැරඹිමට, හිරු රැස් විඳීමට,ආයුර්වේද ප‍්‍රතිකාර, ස්වභාව සෞන්දර්ය නැරඹිමට,පෞරාණික හා සංස්කෘතිකාංග ආදිය නරඹා විනෝද වීම ආදී ප්‍රධාන අරමුණු කොට ගෙනයි. මෙනිසා ලංකාවේ ග්‍රාමීය පෙදෙස්වල ජනයා කෙරෙහි ඇති කරන බලපෑම අති මහත්ය. සංචාරක කර්මාන්තය සිදුවන ප්‍රදේශවල හෝටල්, සාප්පු සංකීර්ණ,අභ්‍යන්තර ගුවන් සේවා ආදී සේවා රැසක් බිහි වී ඇත. මෙයින් විවිධාකාර වූ රැකියා රැසක් උත්පාදනය වී ඇත.
තවද පැමිණෙන සංචාරකයින් ස්වදේශීය විසිතුරු භාණ්ඩ සඳහා වැඩි රුචිකත්වයක් දැක්වීම තුළින් ඒ ආශ්‍රිත ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් බිහි වී ඇත. ආහාරපාන, ආභරණ, අත්කම්, බතික් වැනි නිෂ්පාදන තුළින් මේ ලෙසට රැකියා රැසක් බිහි වී ඇත. තවද රටේ සමස්ත ආර්ථිකය දෙස විමසිලිලෙන් බැලූ විට පෙනෙන්නේ සංචාරක කර්මාන්තය තුළින් මෙම සමස්ත ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල වන බවයි. රාජ්‍ය ආයතන පමණක්ම නොව, පුද්ගලික අංශයේ ආයතන රැසක් ද මෙම කර්මාන්තය තුළින් විශාල ආදායමක් උපයා ගනී. සංචාරක කර්මාන්තය දේශීය වශයෙන් වැදගත් වන්නේ මින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් බිහිවන නිසාය. මෙම කර්මාන්තය දේශීය සංවර්ධනයට ද ඉවහල් වන බව ඉහත කරුණු අනුව පෙනී යයි.

කරුණු මෙසේ වුව ද මෙම කර්මාන්තය ආර්‍ශ්‍රත අවාසිදායක තත්වද බොහෝ වේ. ඇතැම් පුද්ගලයින් ඇදායම් වැඩිකර ගැනීම සඳහා සංස්කෟතික වටිනාකමක් ඇති තැනිවල සිදු කරන අනවසර ඉදිකිරීම් තුළින් එහි ඇති වටිනා දේ විනාශයට පත්වේ. එමෙන්ම රටේ කාලගුණය, ආපදා ආදියේ දී සංචාරකයින්ගේ පැමිණිම ශීඝ්‍ර ලෙස පහළ බසී. මෙය මෙම කර්මාන්තය මඟින්ආදායම් උපයන්නන්ට මහත් අවාසියකි.

තවද මෙම කර්මාන්තය නිසා ගැට කැපීම, ගණිකා වෘත්තිය වැනි අවිධිමත් මෙන්ම නීති විරෝදී රැකියා රැසක්ද බිහි වී ඇත. මෙය රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ මුඛයට දමනවා පමණක්ම නොව, සමාජ රෝග ව්‍යාප්තියට ද බෙහෙවින් බලපායි. එමෙන්ම කොරල්පර, වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සහ ඒක දේශීය සත්ත්ව හා ශාක රැසක් සංචාරකයින් සඳහා හොරෙන් විකිණීම ද මින් ඇතිවන අහිතකර තත්වයක් ලෙස දැක්විය හැක.

මේ වනවිට මහාපරිමානයෙන් සිදුවන තවත් අකටයුතු කමක් නිසා වෘතීය හෝටල් කර්මාන්ත කරුවන් දැඩි අපහසුතාවයටත් අසරණ තත්වයටත් පත්ව ඇත.සංවිධානාත්මකව ඉතා අඩු මුදලට නවාතැන් පහසුකම්( Rs.1500/=)ලබාදෙමින් සමාජ විරෝදී ව්‍යාපාර මඟින් ඉතිරි මදල් උපයා ගනිමින් කූඨ ලෙස මේ පිරිස මුළු ව්‍යාපාරයම අභාග්‍ය සම්පන්න තත්වයට ඇදදමා ඇත.(මෙලෙස සංචාරකයින් ලක්ෂයක් ආවත් පළක් තිබේද ) රටට අපකීර්තියක් මෙන්ම කර්මාන්තයේ අනාගතයම විනාශ මුඛ්හයට ඇද දමන වැඩපිළිවෙලක් බවට පත්ව ඇත. සංචාරකයින්ට නිසි මඟපෙන්වීමක් ආරක්ෂාවක් හෝ කිසිඳු පහසුකමක් නොලැබේ.

මධ්‍යම කදුකරයට අදාල කලාපය තුල මෙය වසංගතයක් ලෙසින් පැතිරෙමින් ඇත.අහිගුණ්ඨික ජනතාව මෙන් තැනින් තැනට යන මොවුන් වඩයක් කාල ප්ලේන්ටී එකක් බීළා සංචාරයේ යන විදේශිකයන් “බෑක්පැක්ස්ලා” ( Backpack travelers ) යන නමින් කර්මාන්තය තුල හඳුන්වයි.මෙතුලින් කර්මාන්තයේ ප්‍රගමනයට හෝ රජයට කිසිදු ආර්ථික වාසියක් හෝ ලාභ ප්‍රයෝජනයක් නොමැත.හිඟන්නන් බෝ නොකර අතමිට සරු සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වීමට රජයේ අවධානය යොමුවිය යුතුය.

එමෙන්ම සංචාරක වීසාමත පැමිණෙන විදේශිකයින් නීතිවිරෝධී අයුරින් මෙරට තුළ සංචාරක කර්මාන්තයේ නිරත වන බවට දේශීය සංචාරක කර්මාන්තයේ නිරතවූවන් චෝදනා කරයි.සමාජ මාධ්‍ය ගිණුම් මඟින් විවිධ සමූහ ගොඩ නඟාගනිමින් රුසියානුවන් හා යුක්‍රේන ජාතිකයන් සංචාරක කර්මාන්තයේ නිරත වන බවටද කරුණු අනාවරනය වී ඇත.

මෙම අසාධාරනය මැඩපැවැත්වීමට හා රටට විදේශ ව්නිමය ගලා ඒමටනම් කටුනායක ගුවන්තොටුපලේ සිටම දැනුවත්කිරීම් හා වගකීම් සහගත පැඩපිළිවෙලක් සැකසිය යුතුව ඇත.තිබූ වැඩපිළිවෙල අක්‍රීය වීමද මෙයට බලපානු ඇත.ඇල්ල නගරය මෙන් සංචාරක ආකර්ෂණය ඇතිකිරීමට දැකුම්කළු ආකාරයෙන් නගර සුන්දර කළයුතුව ඇත.සංචාරකයින් පිළිගැනීමට හා ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා නගර මධ්‍යයේ Discussion room ආරම්භකර සංචාරක මඟපෙන්වන්නකුගේ සහය ලබාදිය යුතුය.

දිනෙන් දින සංචාරක ආකර්ශනයෙන් ලංකාව වෙත ලෝක ජනතාවගේ ඇස ගැටෙන විට ඉන් නිසි ප්‍රයෝජනය නොගෙන ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරන නොගෙන සිටියහොත් ඩොලර් සිහිනය හරහා රට ගොඩනැගීම යථාර්තයක් නොවී සිහිනයක්ම වනු ඇත.රජය මෙම ගැටලුවට මැදිහත්වී මුලිනුපුටා නොදැම්මොත් සුනාමි ව්‍යසනයට වඩා ව්‍යසනයක් වීමට ඉඩඇත.

රුවන්ති පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *