රජයේ නිලධාරින්ට පැවිදිවීමට අවස්ථාවක්!

මෙරට රාජ්‍ය නිලධාරින්ට තායිලන්තයේ දී තාවකාලික පැවිද්දක් ලබා දීමේ වැඩසටනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය විසින්.

ඊට අදාළ අයදුම්පත් සිය වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

තායිලන්ත රජුගේ ජන්මදිනය මුලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු මෙම වැඩසටහනේ අරමුණ වනවා.

ඒ අනුව මෙම වැඩසටහන 2024 වර්ෂයේ ජුනි මාසයේ දී දින 15ක් පුරාවට තායිලන්තයේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්‌තේ.

මේ සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින් විධිමත්ව තෝරාගෙන එම වැඩසටහන හා සම්බන්ධ කිරීමට මැදිහත් වන ලෙසයි ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ.

සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා වැයවන සියලු‍ම වියදම් රජය විසින් දරන බව ද බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කළා.

මේ සදහා වැඩිදුර තොරතුරු බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය වෙඩ් අඩවිය වන www.mbs.gov.lk බාගත කර හැකියි.

මෙම අයදුම්පත් Online ක්‍රමය මගින් පමණක් යොමු කරන ලෙසත්, කිසිදු හේතුවක් නිසා මාර්ගගත ක්‍රමයෙන් තොරව අයදුම්කිරිමට නොහැකි බව ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

බෞද්ධ රාජ්‍යයක් ලෙස තායිලන්තය තාවකාලික පැවිද්ද ලබා දීම වෙනුවෙන් මුළු මහත් ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා.

ඒ අනුව ලෝකයේ බොහෝ පිරිස් තාවකාලික පැවිද්ද ලබා ගැනීමට තායිලන්තය බලා යන බව සඳහන්.

එමෙන්ම විවිධ විශේෂ අවස්ථා මූලික කර ගනිමින් තාවකාලික පැවිද්ද සඳහා ද විශේෂ වැඩසටහන් පැවැත්වීම තායිලන්ත රජය විසින් සිදු කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *