මොරටුමුල්ලේ කාන්තා ඝාතනයේ සැකකරු පෞද්ගලික පාසලක සිසුවාගෙන් තොරතුරු රැසක් එළියට

පසුගිය 29 වනදා මොරටුමුල්ල, පහළ ඉදිබැද්ද ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද කාන්තාවක් නිවස තුළ දී යකඩ ඉන්නකින් හිසට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු මොරටුමුල්ල පොලිසිය විසින් ඊයේ (03) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගාරගතකර ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පාසල අධ්‍යාපනය ලබන මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත් 17 හැවිරිදි සිසුවෙකි.

පසුගිය 27 වනදා මෙම කාන්තාව විසින් රූපවාහිනී වැඩසටහනක් නැවත බැලීම සඳහා රූපවාහිනිය සකසා දෙන ලෙස සිසුවාට පවසා ඇති බවයි අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ දී කාන්තාවගේ මුදල් පසුම්බියේ රුපියල් පන්දහසේ කොළ කිහිපයක් තමන් දුටු බවත්, ඊට පසුදින (28) එම මුදල් ලබාගැනීමේ අරමුණෙන් කාන්තාවගේ නිවසට තමන් ගිය බවත් සැකකාර සිසුවා පොලිසිය පවසා තිබේ.

එහිදී තමන් විසින් බීමට වතුර වීදුරුවක් ලබාදෙන ලෙස කාන්තාවට පවසා ඇති අතර, එම අවස්ථාවේ කාන්තාව වතුර රැගෙන ඒමට මුළුතැන් ගෙට ගිය අවස්ථාවේ දී කාන්තාවගේ මුදල් පසුම්බියෙන් පන්දහයේ මුදල් නෝට්ටු කිහිපයක් සිසුවා සොරාගෙන තිබේ.

එම සොරකම කාන්තව විසින් දැක ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිසුවාගේ මව්පියන්ට දැනුම්දෙන බව පවසා ඇති අතර, එහිදී සිසුවා එම ස්ථානයෙන් පැනයාමට උත්සාහ කිරීමේ දී කාන්තාව ඔහුව වළක්වා ඇති අතර, පසුව කාන්තාව තල්ලු කිරීමේ දී කාන්තාවගේ හිස අසළ තිබූ බිත්තියක වැදී ලේ ගැලීමක් සිදුව ඇති බවයි හෙළිව ඇත.

එම අවස්ථාවේ දී තමන් නිවසේ පිටුපසට ගොස් පොල් ලෙලි ගසන උලක් රැගෙන නැවත එම කාන්තාවගේ හිසට පහර දුන් බවයි සැකකාර සිසුවා පොලීසියට පාපොච්චාරණය කර ඇත.

අනතුරව කාන්තාව සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය ද කොල්ල කා සැකකාර සිසුවා පළාගොස් ඇති අතර, සොරාගත් මුදල්වලින් කායවර්ධන ක්‍රීඩකයින් ලබාගන්නා පෝෂණ අතිරේක පිටි ලබාගෙන ඇති බව වාර්තා විය.

කාන්තාවගෙන් කොල්ල කෑ ජංගම දුරකථනය ද සැකකරු විසින් අලෙවිකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *