April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

මාධ්‍යවේදී ටෙලි නළුවෙක් හොර ඉතාලි වීසා පෙන්වා මුදල් ගරළා

විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකාර නළුවා තදින්ම කැසිනෝ සුදුවට ඇබ්බැහිව සිටින්නකු බවත්, ඔහු දිනකට රුපියල් කෝටියකට අධික මුදල් කැසිනෝ ක්‍රිඩාවෙන් පරදින බවද පොලිසිය පවසයි.

පොලිසිය මගහරිමින් විවිධ ප්‍රදේශවල හෝටල් වල සැඟව සිටින සැකකරු ඩුබායි රාජයේ සංචාරයකට ගොස් පැමිණි පැය 24 ක් ගත වන්නට මත්තෙන් මෙලෙස අත්අඩංගුවට පත් වු බවද පොලිසිය පවසයි.

සැකකරු විද්‍යුත් මාධ්‍ය ආයතන, ගුවන් විදුලි ආයතන රැසක මාධ්‍යවේදියකු , හා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් තනතුරු රැසක් හොඹවා ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

චිත්‍රපට, ටෙලිනාට්‍ය, සහය නළුවකු වශයෙන් ද, වෙළඳ දැන්වීම්ල සැකකරු රඟපාන බවත්, ඔහු ඒවා අභාරණයක් කරගෙන මේ ආකාරයෙන් පුද්ගලයන් රවටා ඇති බවද පොලිසිය පවසයි.

(ඉන්දිකා රාමනායක)

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video