මහා ශිව රාත්‍රි දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය මෙය ලෙස සැලකේ. රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා උපවාසයේ යෙදෙමින් පුන්‍ය ක්‍රියාවල නිරත වේ. ඒ, පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *