මන්ත්‍රී කෙනෙක් විනාඩි 25ක් ලිෆ්ට් එකක සිරවේ

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපනය හදිසියේ අක්‍රීය වීම නිසා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ ආරක්ෂිකයින් දෙදෙනා සිර වී ඇති බව වාර්තා වේ.

ඔවුන් තිදෙනා විනාඩි 25 කට ආසන්න කාලයක් සිරවූ බවයි වාර්තා වන්නේ.

පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව පිටතට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *