බිහිසුණු ප්‍රහාරකයා ඉදිරියට පැන්න වීරයාට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදය


ලොවම කම්පා කරවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුකළ පිහි ප්‍රහාරය නැවත්වීමට උත්සාහ කළ පුද්ගලයා පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් ඇතිව තිබේ.

ඔහු ඩේමියන් නමැති ප්‍රංශ ජාතිකයෙකි.

ඔහුගේ ඔස්ට්‍රේලියානු වීසා කාලය නිමාවීමට ආසන්නව පැවතියද කිසිදු බාධාවකින් තොරව වීසා කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇල්බනීස් මාධ්‍ය වෙත පවසා තිබුණි.

එසේම කැමති කාලයක් ඔහුට එරට රැඳී සිටිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නවතම නීතියට අනුව ඔහුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදුනහොත් ඔහුගේ ප්‍රංශ පුරවැසිභාවය අහිමිව යනු ඇත.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුකළ පිහි ප්‍රහාරයෙන් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් 12කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එහි සිටි ඩේමියන් ප්‍රහාරකයා වැළක්වීමට ගත් උත්සාහය දැක්වෙන වීදියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ලෝකය පුරා ඔහු පිළිබඳව කතාබහක් ඇතිවිය.

වෙළෙඳ සංකීර්ණයක දී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන ඝාතනය කළ පුද්ගලයා කාන්තාවන් ඉලක්ක කර ගත්තේ ඇයි දැයි ඔස්ට්‍රේලියානු පොලිසිය විමර්ශනය කරයි

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *