පාසල් දැරියක් අපයෝජනය කළ 13ක්

අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බාබර් සාප්පුවේ කරණවෑමියා සහ තවත් පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා (18) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ බාබර් සාප්පුව පසුපස ඇති කාමරයක් තුළදී මෙම අපරාධය සිදුව ඇති අතර සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් 11 දෙනෙකුගේ නම් දැරිය විසින් පොලීසියට අනාවරණය කර ඇත.

එම සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරිනියකගේ 70 හැවිරිදි වියේ පසුවන පියෙකු ද සිටින බවට තොරතුරු වාර්තාවෙයි.

අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.

09 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ මෙම වින්දිත දැරිය ජාතික මට්ටමේ විවිධ ක්‍රීඩා තරග සඳහා සහභාගී වී ඒවායින් ජයග්‍රහණ හිමිකරගෙන ඇති අති දක්ෂ දැරියක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *