පළමු වතාව ටයාපනය හා වවුනියාව අධිකරණයට ළාබාල විනිසුරුවරියන්

යාපනය හා වවුනියාව අධිකරණ ඉතිහාසවල පළමු වතාවට ළාබාල විනිසුරුවරියන් දෙදෙනෙකු එම තනතුරුවලට පත්ව තිබේ.

යාපනයේ විනිසුරුවරියක් වශයෙන් තේරී පත්ව සිටින මධුරී නිරෝෂන් මහත්මිය 31 හැවිරිදි අයෙකු වන අතර ඇය යාපනයේ සුළිපුරම් වික්ටෝරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවකි.

විනිසුරුවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ දී මධුරී නිරෝෂන් මහත්මියට 12 වෙනි ස්ථානය හිමි වී තිබේ.

මේ අතර වවුනියාව අධිකරණයට ළාබාලතම විනිසුරුවරිය වශයෙන් පත්ව ඇත්තේ මංජුලා අමිර්තලිංගම් මෙනෙවිය වන අතර ඇය වයස අවුරුදු 33ක අයෙකි.

වවුනියාවේ රම්බෙයිකුලම් ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය විනිසුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් 18 වෙනි ස්ථානය හිමි කරගෙන තිබේ.

මේ දෙදෙනාම ලබන මස 1 වැනිදා විනිසුරු පදවි වල උතුරේ ළාබාලතම විනිසුරුවරියන් දෙදෙනෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

දිනසේන රතුගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *