මහරගම පරණ පාරේ පදික මාරුවක් මතින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි කාන්තාවක් පෞද්ගලික බස් රථයකකට යටවීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි.
අදාළ කාන්තාව පමුණුව ප්රදේශයෙන් රෙදිපිළි මිලදී ගෙන බොරලැස්ගමුව ප්රදේශයේ පිහිටි සිය නිවස වෙත යාම සඳහා මාර්ගයේ තිබූ පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව වූ බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධව බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
එහිදි බස් රථ රියදුරු එළැඹෙන 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධව මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
The short URL of the present article is: https://radioeka.lk/lju1
No Comment! Be the first one.