නව QR ක්‍රමවේදයක් සමග ප්ලාස්ටික් සදහා මුදල් තැන්පතුව ආපසු ගෙවනු ලබන අතර එම ක්‍රමවේදයක්

ප්ලාස්ටික් ඇසුරුම් ලෙස භාවිතා කරන පොලිඑතීලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) කෝප්ප සහ අනෙකුත් ප්ලාස්ටික් බහාලුම් එක් වරක් පමණක් භාවිතා කර පරිසරයට බැහැර කරයි.

ඇතැම් පාරිභෝගිකයින් වගකීම් විරහිතව කටයුතු කිරීමත් කාර්යක්ෂම එකතු කිරීම ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතීන්ට ඇතුළුව බාහිර පරිසරයට එකතු වෙමින් පවතියි.

එය පාලනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘති 2ක් ක්‍රියාත්මක කර ඇති අතර එම නියමු ව්‍යාපෘති දෙකෙහි ප්‍රතිඵල මත ඒවා නැවත එකතු ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදය යෝග්‍ය බවට හඳුනාගෙන ඇත.

එම ප්ලාස්ටික් හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හා එයට (QR) කේත පද්ධතියක් හඳුන්වාදී සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පාරිභෝගිකයා අදාළ භාණ්ඩය මිලදී ගන්නා අවස්ථාවේදී විකුණුම්කරු තාවකාලික මුදල් තැන්පතුවක් ලබා ගන්නා අතර හිස් බෝතලය හෝ ඇසුරුම් ආපසු ලබා දුන් පසු මුදල් තැන්පතුව ආපසු ගෙවනු ලබන අතර එම ක්‍රමවේද තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා (QR) පද්ධතියක් හඳුන්වා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *