දිවයින පුරා රජයේ රෝහල් රැසක් වසා දමයි.. රෝගීන්ගේ ජීවිත අනතුරේ.!

මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත් 100 කට ආසන්න රජයේ රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්ත්වයේ තිබෙන බවද අනාවරණය වී ඇත.

වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර වැසී ‍යාමට ආසන්නව ඇති රෝහල් උතුරු පළාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල බව අනාවරණය වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එනිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද, එම කමිටුවේ සාමාජිකයන් බවට පත් කරමින් කමිටුවක් පත් කර මෙම රෝහල් සදහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම කඩිනමින් සිදු කර රෝගී ප්‍රතිකාර සේවාවන් නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *