April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ජල ගාස්තු ඉහළ දැමීමක් සමඟ නව මිල සූත්‍රයක්.!

යළිත් විදුලි ගාස්තු වැඩිවීම සහ ඩොලරයේ මිල ඉහළ යෑම මත ජල ගාස්තු වැඩි වීම කෙරෙහි සෘජුවම බලපාන බැවින් ඊට සාපේක්ෂව ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.

ජල ගාස්තුවට අදාල අවසන් කෙටුම්පත මෙම මාසයේදී සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පාසල්, රෝහල් හා පුණ්‍ය ආයතනය සඳහා සහන ගාස්තු ක්‍රමවේදයකට ජල සැපයුම ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කරයි.

ජල සම්පාදනය සදහා විශාල පිරිවරක් දැරීමට සිදුවන බැවින් මේ මොහොතේ ජල ගාස්තුව අඩු කිරීමට කිසිදු හැකියාවක් නැති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video