ජනපතිගෙන් දරුවන්ට අවුරුදු තෑගි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක සිටින දරු දැරියන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිනයේ සිදු කෙරිණි.

දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” යන මැයෙන් ජනාධීපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රස කැවිලි හා ත්‍යාග පාර්සල් 10,000කට අධික ප්‍රමාණයක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දරුවන් අතර බෙදාදීම දවස පුරාම සිදු කළේය.

මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 40ක්, නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 57ක් , උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 16ක්, උතුරු පළාතේ මධ්‍යස්ථාන 23 ක්, සබරගමුව පළාතේ මධ්‍යස්ථාන 19 ක්, දකුණු පළාතේ මධ්‍යස්ථාන 25ක්, ඌව පළාතේ මධ්‍යස්ථාන 14ක් හා බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 106ක් ආවරණය වන පරිදි මෙම ත්‍යාග පාර්සල් බෙදා දීම සිදු කළේය.

මෙම ත්‍යාග පාර්සල් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීමෙන් යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේගේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් බෙදා දුන්නේය.

unusuma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *