ගාලු පාරේ කොටසක් ගිලා බසී

ගාලු පාරේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත අසල මංසන්ධියේ ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ කොටසක් ගිලා බැසීම නිසා එම කොටස වසා දැමූමට ක්‍රියා කර ඇත. 

අඩි හතරක් පමණ වට ප්‍රමාණයේ විශාල වලක් සෑදි ඇතැයි පොලිසිය කියයි. 

ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.

මේ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ යුතු බව ද වාර්තා වේ.

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන රියදුරන්ට සාමාන්‍ය පරිදි වැල්ලවත්ත හරහා ගමන් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *