“ග්ලුකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” ලෝක ග්ලුකෝමා සතිය

ග්ලුකෝමා රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බවත් මෙරට ජනගහනයෙන් 5%ක ප්‍රමාණයක් එම රෝගයට ගොදුරු වී ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරයි.

එනිසා වයස අවුරුදු 50ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත් පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් එම පුද්ගලයින් අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කළේ,

” ලොකේ ගත්තත්, ලංකාව ගත්තත් අන්ධභාවයට පත්වෙන්න තුඩු දෙන එක ප්‍රධාන හේතුවක් තමා ග්ලුකෝමා රෝගී තත්ත්වය. ලෝකයේ සියයට කීයක් ඉන්නවද කිව්වොත් 3.54%යි. හැබැයි ලංකාවේ 5%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ වැඩිහිටි ජනගහනය වැඩිවීම මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්.

ඒ නිසා අපේ රටේ 5%කට පමණ ආසන්න ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තියෙනවා මේ රෝගයෙන් පෙළෙනවා කියලා. ඒ නිසා ඇස් පරීක්ෂා කරගැනීම සඳහා යොමු කරන එක ඉතා වැදගත් වෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අපේ රටේ තියෙන අක්ෂි ආබාධ කල් ඇතිව හඳුනාගෙන වළක්වා ගත හැකි ආබාධ වළක්වා ගැනීමට වැඩසටහන් සම්පාදනය කරලා තියෙනවා.”

“ග්ලුකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” යන තේමාව යටතේ 2024 වර්ෂයේ ලෝක ග්ලුකෝමා සතිය මාර්තු මස (10) සිට (16) දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *