කොල්ලයකට සම්බන්ධ අඹු-සැමි යුවළ දෙකක් අත්අඩංගුවට

තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකුට පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑ අඹු සැමි යුවළ දෙකක් මිල්ලනිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු, හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑම සිදුකර ඇත.

කොල්ලකෑ යතුරුපැදිය විකුණා සැකකරුවන් එම මුදලින් විනෝද චාරිකාවක් ගොස් ඇති බවද අනාවරණවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *