කුමන්ත්‍රණයක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගන ලද ආණ්ඩුව ඇදවැට්ටවීම සඳහා රට තුළ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුව තුළ ම මීට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වූ බව එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ආණ්ඩුව ඇතුළෙන් එදා කුමන්ත්‍රණය ගොඩනැගුණා. ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි යහපාලන ආණ්ඩුව ගොඩනැගුණේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා භාර ගත්තේ මහින්ද මහත්තයා භාරදීපූ ආණ්ඩුව නෙමෙයි. වැටිච්ච් ආණ්ඩුවක්.” 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයෙන් ආරම්භ කෙරුණි.

“සටන අරඹමු රජරටෙන්” යන තේමාව යටතේ මෙම ආසන සමුළුව පැවැත්වූ අතර ඊට පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් එක්විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවතුනද ඔහු සමුළුව අමතා කතා නොකිරීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *