කතරගම ප්‍රධාන කපුවාට දේවාලයට ඇතුළුවීම තහනම් කරයි! සේවයද අත්හිටුවයි!

රුහුණු මහ කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක බර රන් තැටියක් කපුවන් වංචනික ලෙස පැහැරගෙන යන බවට එල්ල වන චෝදනා මත රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර දැඩි තීරණයක් ගෙන ඇත.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, කතරගම පොලිස් ස්ථානාධිපතිට පිටපත් සහිතව ප්‍රධාන කපුවා හා චූටි කපුවා වෙත මේ සම්බන්ධව ලිඛිතව දන්වා යවා තිබේ.

රන් තැටියේ හොරකමට ඇප ලබා සිටිය ද මෙම සිද්ධියෙන් රුහුණු මහා කතරගම දේවාලයට අපකීර්තියක් සිදුවී ඇති බවත්, බරපතල ගණයේ විෂමාචාරි ක්‍රියාවන් සහ විනය විරෝධී ක්‍රියාවන්හි නියුතු වීම නිසා බෞද්ධ විහාර දේවාලගම් පනත යටතේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවත් එමගින් පෙන්වා දී තිබේ.

මේ අනුව විෂමාචාර සහ විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට යටත්ව ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.

එමෙන්ම ගබඩාරාළ තනතුරට අදාළ වගකීම් සහ රාජකාරි සියල්ල දැනට කතරගම දේවාලයේ කපු ධුරයේ නියුතු අරාපක්ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර යන අයට නොපමාව භාරදෙන ලෙස ද දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *