එකම පවුලේ පිරිසක් ගිය මෝටර් රථය රජරට රැජිණගේ ගැටිලා

එකම පවුලේ පිරිසක් රැගත් මෝටර් රථයක් අද (03) දහවල් රජරට රැජිණ දුම්රියේ ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

පසුගිය 29 වනදා අලුයම් කාලයේ දී සංචාරකයින් පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වූ කොස්ගස්හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ම මෙම අනතුර සිදුව ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙක් සංචාරයක් සඳහා වස්කඩුව ප්‍රදේශයේ හෝටලයකට පැමිණ නැවත යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවටු වාර්තා වුණේ.

අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *