ආහාර පිසීමේ නැකැත උදා විය.

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව ආහාර පිසීමේ නැකැත අද (13) රාත්‍රී 11.06ට උදා විය.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද මධ්‍යම රාත්‍රී 12.06ටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *