අසාත්මිකතාවකින් සිසුන් 10 ක් රෝහලේ

අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන්  දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි .

ගොඩිගමුව ප්‍රදේශයේ  පාසලක  සිසුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී තිබිණි .

පාසල් සිසු පිරිසක් විද්‍යාලීය භූමියේ කාණුවක් සුද්ද කරමින් සිට ඇතැයි ද ඒ අතර ඔවුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී කැසීමට පත් වීම හේතුවෙන් රෝහල් ගත කරනු  ලැබූ බව විද්‍යාලිය ආචාර්යවරයෙක් සඳහන් කළේය .

පළමුව සිසුන් පස්දෙනෙක් හා සිසුවියන් දෙදෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇති අතර ඉන් අනතුරුව තවත් සිසු සිසුවියන් කිහිප දෙනෙකු කැසීමට ලක්වීමෙන් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි පොලීසිය කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *