අස්වැසුමට තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය. 

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.  

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සහ ජනමාධ්‍ය මඟින් දැනුවත් කිරීම සිදුකළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත ය.   

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර මෙවර අයවැය මඟින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *